Friday, May 10, 2024

General line - 0115112241

අබුඩාබි හි අවන්හලක ඇතිවූ පිපිරීම පිළිබඳව නිවේදනයක්




අබුඩාබි හි අවන්හලක ඇතිවූ පිපිරීම පිළිබඳ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. 

එහි දැක්වෙන්නේ,

"2020 අගෝස්තු 31 වන සඳුදා, අබුඩාබි හි අවන්හලක පිපිරීමක් සිදුවූ අතර මෙම සිදුවීමේ දී ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු ආපදාවට ලක් වී ඇති බවට තහවුරු නොකළ තොරතුරු ලැබිණ. මෙම ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තොරතුරුවල සත්‍යභාවය පිරික්සා තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීහු රෝහල වෙත ගියහ. එම ශ්‍රී ලාංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු ඒ වන විට මියගොස් සිටි අතර අනෙක් පුද්ගලයා මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. 

මේ සම්බන්ධයෙන් අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යංශය එක්ව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ  නීති කටයුතු පිළිබද බලධාරීන් හා රෝහල් බලධාරීන් සමඟ ආපදාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් සදහා අවශ්‍ය සහාය ලබාදීම සඳහා ඉතා සමීපව කටයුතු කරමින් සිටියි." යනුවෙන් එහි දැක්වෙනවා.