Friday, May 17, 2024

General line - 0115112241

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගිනි අවි සහ ආයුධ සමග අත්අඩංගුවට




බද්දේගම ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්තී‍්‍ර ගැමුණු ඒකනායක ගිනි අවියක් සහ තවත් අවි ආයුධ කිහිපයක් සමග අද අත්අඩංගුවට ගැනුණා. 

ඒ, පොලිස් විශේෂ කාර්යය බලකාය හා පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි. එහිදී සැකකරු සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක්, එම ජීව උණ්ඩ 06 ක්, මැගසින් 01 ක්, වායු රයිෆලයක්, ජීව අත්බෝම්බයක්, රම්බෝ පිහි 05 ක්, පිස්තෝල රඳවන 03 ක්, උණ්ඩ බහාලන පෙට්ටියක් මෙන්ම ලියාපදිංචි නොකළ යතුරු පැදියක් ද සොයා ගැනුණු බවයි නෙත් නිවුස් වාර්තකාරු පැවසුවේ. 

සැකකරු මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙකු බව ද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.