Friday, May 17, 2024

General line - 0115112241

බිත්තර ආනයනයට බේකරි නිෂ්පාදකයන් අවසර ඉල්ලයි




බිත්තර ආනයනය සඳහා බේකරි නිෂ්පාදකයන් රජයෙන් අවසර ඉල්ලා තිබෙනවා. කිසිඳු සාධාරණ හේතුවකින් තොරව බිත්තරයක් රුපියල් 22ක මිලක් යටතේ අලෙවි කිරීම හේතුවෙන් බේකරි නිෂ්පාදකයන් ගැටලූ රැසකට මුහුණ පා ඇති බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නෙත් නිවුස් වෙත පැවසුවේ.

ඒ අනුව බිත්තර ආනයනය කිරීම සඳහා බේකරි නිෂ්පාදකයින්ට අවසර ලබාදෙන ලෙස වෙළෙද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමග ඊයේ පැවති සාකච්ඡාවකදී ඉල්ලීමක් කළ බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන නෙත් නිවුස් වෙත සඳහන් කළා.

මේවනවිට බිත්තර මාෆියාවක් කි‍්‍රයාත්මක වෙමින් ඇති බවද ඔහු කියා සිටියා. 

බිත්තර මාෆියාව වැළැක්වීමට බලධාරීන් පියවර නොගතහොත් බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩි කිරීමට ද ඉදිරියේදී සිදුවන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.