Saturday, May 18, 2024

General line - 0115112241

අලුතින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 17ක්




නව්‍ය කොරෝනා ආසාදිතයින් 3140 දෙනෙකු මේ වනවිට මෙරටින් වාර්තා වනවා. ඒ, ඊයේ (08) දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

ඉන් ආසාදිතයින් 09 දෙනෙකු කන්දකාඩු හා සේනපුර මත්ද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථානයේ රැඳවියන්.

අනෙක් ආසාදිතයින් 08 දෙනා විදෙස්ගතව සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි පුද්ගලයින්. 

මේ අතර විදෙස්ගතව සිටි තවත් පුද්ගලයින් 348 දෙනෙකු අද උදෑසන ගුවන් මගින් මෙරටට පැමිණි බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්තවික මධ්‍යස්ථානය සඳහන් කළා.

සෞදි අරාබියේ සිට පැමිණි පුද්ගලයින් 238 දෙනෙකු, ඩුබායි සිට පැමිණි පුද්ගලයින් 09 දෙනෙකු, කටාර් සිට පැමිණි පුද්ගලයින් 2දෙනෙකු හා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි 73 දෙනෙකු ඒ අතරට අයත්. ඔවුන් සියලූදෙනා නිරෝධානය මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්තවික මධ්‍යස්ථානය සඳහන් කළා. 

මේ අතර ති‍්‍රවිද හමුදාව යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන තුළ රැඳී සිට සිය නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 136 දෙනෙකු අද සිය නිවෙස් වෙත පිටව යනවා. 

ඒ අනුව නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර මේවනවිට නිවෙස් වෙත පිටව ගොස්  ඇති පුද්ගලයින් ගණන 38,863 ක්.

ති‍්‍රවිද හමුදාවට යටතේ කි‍්‍රයාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 57 කදී පුද්ගලයින් 6,176 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා.