Saturday, April 20, 2024

General line - 0115112241

බඹර කූඩුවක් හිසට කඩා වැටිලා (PHOTOS)

රංජිත් රාජපක්ෂ




තේ වත්තක ගසක බැද තිබු බඹර කුඩුවක් තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවකගේ හිස මතට කඩා වැටිමෙන් දැඩි අසාධ්‍යය තත්ත්වයේ සිටි කාන්තාවක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත අද (22) ඇතුළත් කර තිබෙනවා.

බගවන්තලාව පොලිස් වසමට අයත් චැපල්ටන් තේ වත්තේ වතු කම්කරු කාන්තාවන් පිරිසක් අද දින උදැසන 9.30 ට පමණ තේ දළු නෙලමින් සිටියදී ඊට ඉහලින් ගසක බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දුන් අවස්තාවේ බඹර කුඩුව එම වතු කම්කරු කාන්තාවගේ හිස මතට කඩා වැටී තිබෙනවා.

එම කාන්තාවගේ කන තුළ සහ නාසය තුළ බඹරුන් රැඳී සිටි බවත්, එම බඹරුන් ඉවත් කිරීමට වහා කටයුතු කළ බවයි රෝහල් වෛද්‍යවරයා සඳහන් කළේ.