Friday, May 10, 2024

General line - 0115112241

හැටන් ඩයගම මාර්ගයේ බස් රථයක් පෙරලීමෙන් 33 දෙනෙකුට තුවාල

රංජිත් රාජපක්ෂ




හැටන් ඩයගම මාර්ගයේ ධාවනය වූ බස් රථයක් ප‍්‍රපාතයකට පෙරලීමෙන් පුද්ගලයින් 33 දෙනෙකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. තුවාල ලැබූ පිරිස අතර පාසල් ළමුන් 21 දෙනෙකු ද වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව දික්ඔය මූලික රෝහලේ වෛද්‍යවරුන් සදහන් කළා. අද උදෑසන හැටන් පොඩයිස් හරහා ඩයගම දක්වා ධාවනය වූ එම බස් රථය අනතුරට ලක්ව ඇත්තේ පොඩයිස් වත්ත ප‍්‍රදේශයේදීයි. එම බස් රථය අඩි 
25 ක් පමණ ප‍්‍රපාතයකට පෙරලී ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සදහන් කළා.