Saturday, May 11, 2024

General line - 0115112241

හැටන් බස් අනතුරෙන් තුවාල ලබා රෝහල්ගත කළ පිරිස  49 ක් දක්වා ඉහළට

රංජිත් රාජපක්ෂ




හැටන් ඩයගම මාර්ගයේ ධාවනය වූ බස් රථයක් අද උදෑසන ප‍්‍රපාතයකට පෙරලීමෙන් තුවාල ලබා රෝහල්ගත කළ පුද්ගලයින් ගණන 49 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර පාසල් ළමුන් 30 දෙනෙකු ද වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් පොඩයිස් ඒන්සි ප‍්‍රදේශයේදී අඩි 25 ක පමණ ප‍්‍රපාතයකට පෙරලීමෙන් අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූ පුද්ගලයින් ප‍්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත්තේ දික්ඔය මූලික රෝහලටයි. ඒ අතරින් රෝහල්ගත කළ සිසුන් දෙදෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සදහා මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා ඇති බව ද නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.

හැටන් - ඩයගම මාර්ගය දැඩි ලෙස වළවල් හෑරී අබලන්ව පවතින බවත්, එම වළකට වැටී ඇති බස් රථය මාර්ගයෙන් ඉවතට ධාවනය වීමෙන් අනතුර සිදුව ඇති බවත්, මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි හැටන් පොලිසිය පැවසුවේ.