Friday, May 10, 2024

General line - 0115112241

අල්ලස් නඩුවෙන් ඇමති ජොන්ස්ටන් මුදා හරියි 

අධිකරණ වාර්තාකරු




අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව විසින් ගොනු කර ඇති නඩු කටයුතු වලින් ඔහු මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. කොළඹ මහාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ගොනු කළ ප්‍රතිශෝධනය පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව අල්ලස් කොමිෂන් සභාව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩු කටයුතු අල්ලස් කොමිෂන් සභා පනතේ ප්‍රතිපාදන වලට පටහැනි ලෙසට ගොනු කර ඇති බවට මහාධිකරණය තීරණය කරනු ලැබුවා.

වර්ෂ 2010 සිට 2014 දක්වා කාලය තුල සමූපකාර තොග වෙළද සංස්ථාවේ සේවකයින් 153 දෙනෙකු නිසි රාජකාරියට පරිභාහිරව දේශපාලන කටයුතුවලට යෙදවීමෙන් රජයට රුපියල් ලක්ෂ 400 ක පාඩුවක් සිදු කර ඇති බවට චෝදනා කරමින් අල්ලස් කොමිෂම හිටපු අමාත්‍යය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණා.

විත්ති පාර්ශ්වය විසින් මෙම නඩුව පවත්වාගෙන යාමට එරෙහිව ඉදිරිපත් කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට එම නඩුව විභාගයට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ මහාධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.