Thursday, May 16, 2024

General line - 0115112241

නිවු ඩයමන්ඩ් නෞකාව නිසා කැස්බෑවන්ට අවදානමක් ඇතිව ඇත්දැයි සොයන්න පරීක්ෂණ




නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාවෙන් ඉන්ධන කාන්දු වීම නිසා එම මුහුදු කලාපයේ කැස්බෑ විශේෂවලට බලපෑමක් සිදුව ඇත්ද යන්න පිළිබඳ නාරා ආයතනය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

අදාළ මුහුදු ප‍්‍රදේශය ඉකුත් දිනවල නිරීක්ෂණය කළ අවස්ථාවේදී කැස්බෑවුන්ගේ අසාමාන්‍ය හැසිරීමක් දක්නට ලැබුණු බවයි එම ආයතනයේ ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ. එම් ටී නිව් ඩයමන්ඞ් නෞකාව ගිනි ගැනීමට ලක්වූ මුහුදු ප‍්‍රදේශයේදී සාමාන්‍යයෙන් කැස්බෑ විශේෂ මුහුද මතුපිට දක්නට ලැබීම විරල දසුනක් වුව ද ඉකුත් දිනවල කළ නිරීක්ෂණයේදී කැස්බෑවුන් මුහුදේ ජලය මතුපිට දක්නට ලැබුණු බව එම ප‍්‍රකාශකයා පැවසුවා. 

කෙසේ වෙතත්, එය නිරීක්ෂණය වී ඇත්තේ නෞකාවෙන් කාන්දු වූ තෙල් පැල්ලම් දක්නට ලැබුණු ප‍්‍රදේශවල නොවන බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළා.

ඒ අනුව කැස්බෑවුන්ගේ චර්යාවේ වෙනසට අදාළ තෙල් කාන්දුව සෘජුවම හේතු වී ඇත්ද යන්න නිශ්චිතව කිව නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත්, ඔහු වැඩිදුරටත් සඳහන් කළා.