Wednesday, May 8, 2024

General line - 0115112241

හිටපු ජනපතිගෙන් එල්ලවූ බලපෑම් නිසා නීතිය හා සාමය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූවා




හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතැම් නඩුවලට සම්බන්ධ සැකකරුවන් නිදහස් කිරීමට කළ බලපෑම් හේතුවෙන් තමන් නීතිය හා සාමය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වූ බව නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්.

තමන් අදාළ අමාත්‍ය ධූරය දරන සමයේ පොලිසිය විසින් විවිධ දේශපාලන සම්බන්ධතා ඇති නඩු ප‍්‍රමාණයක් විමර්ශනය කරමින් සිටි බවයි හිටපු අමාත්‍ය සාගල රත්නායක සඳහන් කළේ. මෙම නඩු සම්බන්ධයෙන් විමසීම සඳහා හිටපු ජනාධිපතිවරයා තමන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අවස්ථා කිහිපයකදීම කැඳවූ බව ද ඔහු කොමිසම හමුවේ සඳහන් කළා.