Saturday, September 21, 2024

General line - 0115112241

මසුන් මෙටි‍්‍රක් ටොන් 325ක් යුරෝපයට




යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් අනතුරුව මේ දක්වා මසුන් මෙටි‍්‍රක් ටොන් 325ක් අපනයනය කර ඇති බව රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

මෙරට කර්මාන්තශාලා 32ක් මගින් යුරෝපයට මසුන් සැපයීමේ කටයුතු සිදු කරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දැනට පවතින මත්ස්‍ය ඉල්ලුම සැලකිල්ලට ගෙන නවීන පන්නයේ යාත‍්‍රා ධීවරයන්ට ලබාදීම සහ ශ‍්‍රී ලංකාව තුළ පවත්නා කලපු 116ක් නිසි පරිදි කළමනාකරණය කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා.