Tuesday, April 30, 2024

General line - 0115112241

ගතවූ පැය 24 තුලදී වැඩිම කොරෝනා ආසාදිතයින් කොළඹ දිස්ත්‍රික්කයෙන් 




ගතවූ පැය 24 තුලද, මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්. එම සංඛ්‍යාව 199 ක්. ඒ අතරින් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ කොළඹ නගර සීමාවෙන් හා වැල්ලම්පිටිය සහ කොස්ගම යන ප‍්‍රදේශවලින්. තවත් ආසාදිතයින් 183 දෙනෙකු ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් වාර්තා වී තිබෙනවා. ඒ අතරින් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ වත්තල හා හැඳල ප‍්‍රදේශවලින්.

මීට අමතරව කුරුණෑගල දිස්ති‍්‍රක්කයෙන් 12 දෙනෙකු, ගාල්ල දිස්ති‍්‍රක්කයෙන් 09 දෙනෙකු හා කළුතර දිස්ති‍්‍රක්කයෙන් ද ආසාදිතයින් 06 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීම ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර ඉකුත් පෙබරවාරි මස 18 වනදා සිට මේ දක්වා කාලය තුලදී මෙරට තුළ PCR පරීක්ෂණ පන් ලක්ෂ 90,435 ක් සිදුකර තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් PCR පරීක්ෂණ 10,632 ක් සිදුකර ඇති බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ. 

මේ අතර රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලක්ෂයක තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශයට මේවනවිට ලැබී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

මේවනවිට මෙරටින් නව්‍ය කොරෝනා ආසාදිතයින් 13,929 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් ආසාදිතයින් 8,285 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් අවසන්. තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 5,609 ක්. මෙරටින් වාර්තා වන කොරෝනා මරණ ගණන 35 ක් වනවා.