Tuesday, April 30, 2024

General line - 0115112241

අඟුලානේ ග්‍රාමසේවා වසම් දෙකක් හුදෙකලා කරයි : මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 14000 සීමාව ඉක්මවයි




අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම සේවා වසම් දෙක මේ මොහොතේ සිට හුදෙකලා කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මේ අතර අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිතයින් 172 දෙනෙකු වාර්තා වූ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ. එම ආසාදිතයින් සියලු දෙනා පළමු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 14,101ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් ආසාදිතයින් 8880 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇති බවත් රෝහල් ගතව සිටින පිරිස 5186ක් වනවා.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොව්ඩ් පොකුරෙන් මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 10619 දක්වා ඉහළ ගොස් තිබෙනවා.