Friday, March 29, 2024

General line - 0115112241

ආසන මට්ටම අනුව මගී බස් ධාවනය සඳහා ගාස්තු වැඩිකිරීමකට අවසර : අවම ගාස්තුව රු. 14ක් දක්වා ඉහළට




ආසන මට්ටමට අනුව කොන්දේසි සහිත මගීන් ප්‍රවාහනය කරනු ලබන බස් රථ සඳහා ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සාමාන්‍ය ගාස්තු මෙන් 1.2 අනුපාතයකින් ගාස්තු වැඩි කිරීමට අවසර ලබා දී ඇත.

ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 12ක සිට දක්වා රුපියල් 14 දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යාංශය විසින් අවසර ලබාදී ඇත.

එමෙන්ම ආසන සංඛ්‍යාවෙන් සීයයට 50ක් පමණක් ( ආසනයක් හැර ආසනයක්) මගීන් රැගෙන යන මගී බස් රථ සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.5ක් ද අර්ධ සුඛෝපභෝගී සහ සුඛෝපභෝගී බස් සඳහා සාමාන්‍ය ගාස්තුව මෙන් 1.2ක් අය කිරිමට අවසරය හිමිව ඇත.

මිට අමතරව අධි සුඛෝපභෝගී බස් සඳහා ගාස්තුව සාමාන්‍ය ගාස්තුව මෙන් 1.1ක් අය කළ හැක.