Thursday, May 2, 2024

General line - 0115112241

ඩුබායි හි සිරවී සිටින ලාංකිකයින් 293ක් අද රාත්‍රියේදී මෙරටට රැගෙන එයි




කොවිඩ් වසංගතය හේතුවෙන් රැකියා අහිමිව ඩුබායි හි රැඳී සිටින ලාංකිකයින් 293 දෙනෙකු අද දිනයේදී ගුවන් මගින් මෙරටට රැගෙන ඒමට කටයුතු කර ඇති බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

කොවිඩ් වෛරසය හේතුවෙන් රැකියා අහිමිවූ මෙම ලාංකිකයින් හැකි ඉක්මනින් මෙරටට රැගෙන ඒමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදී තිබුණා.