Thursday, May 2, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ විභාගය පවත්වන දිනය ගැන තීරණය දින 10කින් - අධ්‍යාපන අමාත්‍ය 




සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 18 වන දා සැලසුම් කළ පරිදි ආරම්භ කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

තෙවැනි පාසල් වාරය සඳහා පාසල් විවෘත කර අදට දින 03ක් ගත වී ඇති බවත් පාසල් ආරම්භ කළ පළමු දිනයේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 33%ක් බවත්, 24 වන දා 44%ක් සහ ඊයේ දින‍යේදී එය 51 % ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන් කළේ.

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමේදීද මෙම අභියෝගයට මුහුණ දුන් බවද එහෙත් දෙවතාවක් ප්‍රමාද වූ උසස් පෙළ විභාගය බාධක හමුවේ වුවද පැවැත්වීම සම්බන්ධයෙන් අද එම දෙමව්පියන්ගේ ප්‍රශංසාව හිමි වී ඇතැයි සඳහන් කළේ. 05 වසර ශිෂ්‍යත්ව විභාගය පවත්වා දින 33 පසු එහි ප්‍රථිඵල නිකුත් කිරීමට හැකි වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

විවේචනයන්ට බියේ කිසිවක් නොකර සිටීම ඊට විසඳුමක් නොවන බව පැවසූ අමාත්‍යවරයා දිගින් දිගටම පාසල් වසා තැබීම යනු සිසුන්ගේ ජීවිත වසා තැබීමක් බව පැවසීය. පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් දෙමාපියන්ගේද දැඩි ඉල්ලීමක් පැවති බවද දරුවාගේ ආරක්ෂාව , මෙන්ම දරුවාගේ ජීවිතය යන තීරණාත්මක සාධක සළකා ඒ අනුව මෙම තීරණය ගත් බවත් එසේ නොමැතිව වගකීම් රහිතව ගත් තීරණයක් නොවන බවත් අවධාරණය කළේ.