Sunday, May 5, 2024

General line - 0115112241

තිසරගේ ජැෆ්නා පිල, අපරාජිත ලේබලය තවදුරටත් රැක ගනි




ලංකා ප්‍රිමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අඛණ්ඩව සිවුවැනි ජයග‍‍්‍රහණය වාර්තා කරමින් තරගාවලියේ අපරාජිතභාවය තවදුරටත් රැක ගැනීමට තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම  ඊයේ සමත්වුණා.

ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට පිට පිටම සිවුවන පරාජය අත්කර දෙමින්. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම මෙම තරගය කඩුලූ 5කින් ජය ගැනීමට සමත් වුණා. හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කි‍‍්‍රඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 06 ක් දැවී ලකුණු 170 ක් රැුස් කළා. ධනුෂ්ක ගුණතිලක පන්දු 44කදී ලකුණු 56ක් රැස් කිරිමට සමත් වූ අතර පන්දුයැවීමේදී වනිදු හසරංග ලකුණු 29 කට කඩුලූ 02 ක් බිදහෙලූවා.  

ලකුණු 171 ක ජයග‍‍්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් පිලේ අවිශ්ක ප‍‍්‍රනාන්දු ආරම්භයේ සිටම මනා විශ්වාසයකින් පන්දුවට පහරදෙමින් මෙවර තරගාවලියේ සිය දෙවන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වුණා. අවිශ්ක ප‍‍්‍රනාන්දු පන්දු 59 කදී හයේ පහර 05 ක් සහ හතරේ පහර 07 ක්  සමගින් රැුස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 84 ක්. 

අකිල ධනංජය විසින් කි‍්‍රයාත්මක කරන ලද 13 වැනි පන්දුවාරයේ පළමු පන්දු 03 ටම පිට පිටම 06 යේ පහර 03 ක් එල්ල කළ අවිශ්ක ප‍‍්‍රනාන්දු සිය කණ්ඩායමට ජය මාවත විවර කර දුන්නා. අවිශ්ක ප‍‍්‍රනාන්දුට අනගි සහායක් ලබා දුන් මිනෝද් භානුක පන්දු 26 කදී රැුස් කළ ලකුණු සංඛ්‍යාව 40ක්.
ගෝල් ග්ලැඩියේටර්ස් පිලේ පළපුරුදුම පන්දු යවන්නා වන මොහොමඞ් අමීර් යැවූ 19 වැනි පන්දුවාරයේදී හතරේ පහර 04 ක් එල්ල කිරීමට වනිඳු හසරංග සමත්වීම වීම මෙම තරගයේ කැපී පෙනුනා. ඒ අනුව ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 ක් අවසානයේ කඩුලූ 05 ක් පමණක් දැවී ජයග‍‍්‍රහී ඉලක්කය පසු කර යමින් මෙම තරගයේ ජය වාර්තා කළා.

මේ අතර ලන්කා පි‍‍්‍රමියර් ලීග් කි‍‍්‍රකට් තරගාවලියේ සිය 03 වන ජයග‍‍්‍රහණය  ඊයේ වාර්තා කිරීමට දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත් වුණා. ඒ, කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලූ 05 කින් පරාජය කරමින්. පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලූ 06 ක් දැවී ලකුණු 156 ක් රැුස් කිරීමට සමත් වුණා. කුසල් මෙන්ඩිස් පන්දු 45 කදී ලකුණු 55 යි.

ලකුණු 157ක ජයග‍‍්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි දඹුල්ල වයිකින්ග් කණ්ඩායමේ මුුල් කඩුලූ 03, ලකුණු 56 ක් තුළ බිද වැටුණා. අනතුරුව පිටියට එක් වූ ඇන්ජලෝ පෙරේරා සහ නායක දසුන් ශානක සිය කණ්ඩායමට ජය මාවත විවරකර දුන්නේ සිවුවන කඩුල්ලට ලකුණු 79 ක සබදතාවක් ගොඩනගමින්. විශිෂ්ඨ ඉනිමක් කී‍‍්‍රඩා කළ ඇන්ජලෝ පෙරේරා පන්දු 49 කදී 06 යේ පහර 03 ක් සහ 04 රේ පහර 05 ක් සමගින් රැුස් කළ ලකුණු සංඛ්‍යාව 67 ක්.

නායක දසුන් ශානක පන්දු 23 කදී ලකුණු 33 ක් රැුස් කළා. මෙම ජයග‍‍්‍රහණයත් සමග ලන්කා පි‍‍්‍රමියර් ලීග් කි‍‍්‍රකට් තරගාවලියේ ප‍‍්‍රසාද ලකුණු සටහනේ 02 වන ස්ථානය හිමිකර ගැනීමට දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත්ව සිටිනවා.