Sunday, May 5, 2024

General line - 0115112241

ක්‍රීඩකයෙකුට කොරෝනා නිසා අත්හිටවූ ක්‍රිකට් තරගය අත්හිටුවයි 




සත්කාරක දකුණු අප‍්‍රිකාව සහ එංගලන්ත කණ්ඩායම අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පළමු එක්දින ක‍්‍රිකට් තරගය අවලංගු කිරීමට දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළා. ඒ, දකුණු අප‍්‍රිකානු සංචිතයේ ක‍්‍රීඩකයෙකු, කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමත් සමගයි. 

සියලූ දෙනාගේ ආරක්ෂාව පිළිබද සලකා පළමු තරගය ලබන ඉරිදා දක්වා කල් දැමීමට තීරණය කළ බවයි දකුණු අප‍්‍රිකානු ක‍්‍රිකට් බලධාරීන් සදහන් කළේ.  මෙම තරගය අද පස්වරු 4 යි 30ට ආරම්භවීමට නියමිතව තිබුණේ කේප්ටවුන්හීදීයි. එංගලන්ත - දකුණු අප‍්‍රිකානු එක්දින ක‍්‍රිකට් තරගාවලිය තරග 03 කින් සමන්විත  වනවා. ශ‍්‍රී ලංකා කණ්ඩායම ද මේ මස අවසානයේදී ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සදහා දකුණු අප‍්‍රිකාව බලා පිටත්ව යාමට නියමිතයි. 

මේ අතර ලන්කා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. ඒ, ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් සහ තිසර පෙරේරා නායකත්ව දරන, ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් අතරයි. එම තරගය අද රාත‍්‍රී 08ට ආරම්භ වනවා.