Saturday, May 18, 2024

General line - 0115112241

මහර බන්ධනාගාර ගැටුමේ CID පරීක්ෂණ පුළුල් වෙයි




මහර බන්ධනාගාරයේ සිදු වූ කලහකාරි සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පත්කළ කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩිකර තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 12 දෙනෙකුගෙන් සමන්විතව පිහිට වූ කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහළ දැමූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

මහර බන්ධනාගාර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ප‍්‍රකාශ 78ක් සටහන් කරගෙන ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඉකුත්දා මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් සිද්ධියෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූණා. ඒ අතරින් මේ දක්වා හදුනාගෙන ඇත්තේ දෙදෙනෙකුගේ පමණක් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.

එළෙස මිය ගිය 11 දෙනාගෙන් 08 දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බවටයි පසුව වාර්තා වුණේ.