Sunday, May 5, 2024

General line - 0115112241

LPL තරඟ හම්බන්තොට පැවැත්වීමට හේතුව ඇමති නාමල් පාර්ලිමේන්තුවේදී හෙළි කරයි 




ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පවත්වන්නේ ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සලයේ නිර්දේශ මත බව කි‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද ප‍්‍රකාශ කළා. ඒ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමින්ද විජේසිරි නැගූ ප‍්‍රශ්ණයකට පිළිතුරු ලබා දෙමින්.

මේ අතර ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ තවත් තරග දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. පළමු තරගය පස්වරු 3ට ආරම්භ වන්නේ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් සහ දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතරයි. තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබද බලාපොරොත්තු රදවා ගැනීමට නම් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට අද තරගයේ ජය තීරණාත්මක වී තිබෙනවා. ඒ ඔවුන් මෙතෙක් සහභාගි වූ තරග 4ම පරාජය වීම හේතුවෙන්.

දෙවන තරගය අද පැවැත්වෙන්නේ කුසල් ජනිත් නායකත්වය දරන කැන්ඩි ටස්කර්ස් සහ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් කණ්ඩායම් අතරයි. 

කලම්බෝ කිංග්ස් කණ්ඩායම මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ 2 වන ස්ථානයේ පසුවනවා. කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම ප‍්‍රසාද ලකුණු සටහනේ මේ වන විට 4 වන ස්ථානය හිමි කර ගෙන තිබෙනවා.