Tuesday, May 7, 2024

General line - 0115112241

පෑලියගොඩ වෙළෙද සංකීර්ණයේ කඩ කාමර වෙන් කිරීමේදි අර්බුධයක්




පෑලියගොඩ වෙළෙද සංකීර්ණයේ කඩ කාමර සඳහා අත්තිකාරම් මුදල් ගෙවීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් අද සිට අවස්ථාව ලබා දී තිබෙනවා. 

කොළඹ පිටකොටුවේ මැනිං වෙළෙද සංකීර්ණය පවත්වාගෙන ගිය කාල සීමාවේදී එක් කඩ කාමරයක් වෙනුවෙන් කොළඹ නගර සභාව විසින් අය කර ඇත්තේ රුපියල් 1500 ක මාසික කුලියක් පමණයි. එහෙත් පෑලියගොඩ වෙළෙද සංකීර්ණයේ කඩ කාමරයක මාසික කුලිය රුපියල් 12,000 කට ආසන්න වනවා. 

කෙසේවෙතත් පෑලියගොඩ නව මැනිං වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් බෙදාදීම සම්බන්ධයෙන් ඉකුත්දා මතුවූ අර්බුදය අවසන් වුයේ උණූසුම් මුහුණුවරක්ද ඇති කරමින්. මැනිං වෙළඳපොළ, වෙළඳසැල් 1,192 කින් සමන්විත නමුත් ඒවා විවිධ ප‍්‍රමාණයන් ඔස්සේ වෙන්කර තිබීම මෙම උණුසුම් තත්ත්වයට හේතුවයි. 

වෙළෙද සැල් හිමියන් සඳහන් කළේ නව මැනිං වෙළෙද සංකීර්ණයේ එක් කඩ කාමරයක් වෙළෙදුන් දෙදෙනෙකුට බෙදා වෙන්කර දීමට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් විසින් පියවර ගෙන ඇති බවයි. එක් කඩ කාමරයක ඇත්තේ එක් විදුලි බල්බයක් සහ විදුලි පරිපථයක් පමණක් බවත් වෙළෙදාම් කිරීමේදී එය ප‍්‍රායෝගික ගැටලූ‍වක් බවත් ඔහු කියා සිටියා.