Tuesday, May 7, 2024

General line - 0115112241

ප‍්‍රදේශ කිහිපයක් අද සිට හුදෙකලා වෙද්දී තවත් ප‍්‍රදේශ කිහිපයක් නිදහස්




මිට පෙර හුදෙකලා කළ ප‍්‍රදේශ කිහිපයක් අද අළුයම 05 සිට හුදෙකලා භාවයෙන් මුදා හැරුණා. 

කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ කොළඹ දිස්ත‍්‍රික්කය බ්ලූ‍මැන්ඩල් පොලිස් වසම සහ වැල්ලම්පිටිය පොලිස් වසමේ විජය පුර ග‍්‍රාම නිලධාරි වසම හුදෙකාලා භාවයෙන් මුද හැර ඇති බවයි. එමෙන්ම වත්තල සහ පෑලියගොඩ යන පොලිස් වසම්වල අද සිට හුදෙකලා කරන ග‍්‍රාම නිලධාරී වසම් හැර සෙසු ප‍්‍රදේශවල හුදෙකලා භාවය ඉවත් කෙරුණා. 

මීට අමතරව මෙතෙක් හුදෙකලා කර තිබූ කැළණිය පොලිස් වසමේ හුදෙකලා භාවය ද අද අලූයම 05 සිට ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කෙසේ වෙතත්, අද අලූ‍යම 05 සිට කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කයේ තවත් ග‍්‍රාම නිලධාරි වසම් 13ක් හුදෙකලා කෙරුණා. කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ කොළඹ දිස්ත‍්‍රික්කයේ කොම්පඤ්ඤවිදිය පොලිස් වසමේ හුණුපිටිය ග‍්‍රාම නිලධාරි වසම, කුරුඳුවත්ත පොලිස් වසමේ 60 වත්ත සහ වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිල පාර හුදෙකලා කල බවයි.

ගම්පහ දිස්ත‍්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය, හේකිත්ත, කුරුන්දුහේන, ඇවරිවත්ත සහ වැලිකඩමුල්ල යන ග‍්‍රාම නිලධාරි වසම් අළුතින් හුදෙකලා කර තිබෙනවා.

පෑලියගොඩ පොලිස් වසමේ පෑලියගොඩවත්ත, පෑලියගොඩ ගඟබඩ, මිගවත්ත සහ පට්ටිය - උතුර යන ග‍්‍රාම නිලධාරි වසම්ද අද අලූයම 05 සිට හුදෙකලා කෙරුණු අතර කිරිබත්ගොඩ පොලිස් වසමේ වෙලේගොඩ ග‍්‍රාම නිලධාරි වසමද හුදෙකලා කර තිබෙනවා.

මේ අතර, කොළඹ දිස්ත‍්‍රික්කයේ මෝදර, කොටහේන, ග‍්‍රෑන්ඞ්පාස්, ආදුරුප්පු වීදිය, වේල්ල වීදිය, කෙසෙල්වත්ත, මාළිගාවත්ත, දෙමටගොඩ සහ මරදාන යන පොලිස් වසම් තව දුරටත් හුදෙකලා කර තිබෙනවා. කොම්පඤ්ඤවීදියේ වෑකන්ද, බොරැුල්ලේ වනාතමුල්ල හා වැල්ලම්පිටියේ සාලමුල්ල යන ග‍්‍රාම නිලධාරී වසම්වල හුදෙකලා භාවයද තවදුරටත් කි‍්‍රයාත්මකයි. 

ලක්සඳ සෙවන, රන්දිය උයන යන නිවාස සංකීරණ මෙන්ම ෆර්ගසන් පාරේ දකුණු කොටසද තවදුරටත් හුදෙකලා කර තැබෙනවා.