Sunday, May 5, 2024

General line - 0115112241

T-10 ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැරසේ 




පන්දුවාර දහයේ ලීග් කි‍්‍රකට් තරගාවලියක් සංවිධාන කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍ර‍කට් ආයතනය සූදානම් වනවා. එංගලන්ත කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරයෙන් පසුව මෙම තරගාවලිය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. පෙබරවාරි පළමු වනදා සිට 15 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, එම තරගාවලිය නම් කර ඇත්තේ ලංකා ටී ටෙන් සුපර් ලීග් යනුවෙන්.

තරගාවලිය සදහා කණ්ඩායම් 8 ක් එක්වීමට නියමිත අතර එක් කණ්ඩායමකට ක‍්‍රී‍්‍රීඩකයින් 16 දෙනෙකු සංචිතගත කළ යුතුයි. එක් සංචිතයකට ඇතුළත් කළ හැකි උපරිම විදෙස් ක‍්‍රීඩකයින් සංඛ්‍යාව 6 ක්. සහාය කාර්යය මණ්ඩලය සදහා සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් විය යුතු අතර, ඒ සදහා විදෙස් පුහුණුකරුවන් දෙදෙනෙකු ද සිටිය යුතු වනවා. තරග 17 ක් හෝ තරග 29 ක් තරගාවලියට ඇතුළත් කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සැලසුම් කර ඇත්තේ. දින 11කදී තරග පැවැත්වෙන ටී ටෙන් ලංකා සුපර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ සියලූ තරග කොළඹ ආර්. පේ‍්‍රමදාස සහ මහනුවර පල්ලේකැලේ යන ක‍්‍රී‍්‍රීඩාංගනවලදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මේ අතර ලංකා පි‍්‍රමියර් ලීග් කිි‍්‍රකට් තරගාවලියේ තවත් තරග දෙකක් හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. එක් තරගයක් පැවැත්වෙන්නේ ගෝල් ග්ලැඩියේටර්ස් සහ කලම්බෝ කිංග්ස් කණ්ඩායම් අතරයි. මෙම තරගය පස්වරු 3 යි 30 ට ආරම්භ වනවා.  ජැෆ්නා ස්ටැලියන්ස් සහ දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතර අද රාති‍්‍ර 8 ට ආරම්භ වීමට නියමිතයි.