Monday, April 29, 2024

General line - 0115112241

තවත් කොවිඩ් ආසාදිතයින් 798ක් වාර්තා වෙයි




අද දිනයේදී කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් 798 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 230 දෙනෙකු බන්ධනාගාර ආශ්‍රිතව වාර්තා වූ ආසාදිතයින් බවත් සෙසු 567 දෙනා පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මිට අමතරව විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයෙකුද නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. 

ඒ අනුව අද දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,379ක් වන අතර සුවය ලද සංඛ්‍යාව 21,258ක්. දැනට රෝහල් ගත කර සිටින ආසාදිතයින් සංඛ්‍යාව 7,979ක්.

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 25,822ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.