Monday, April 29, 2024

General line - 0115112241

දූෂණ විරෝධි දිනය අදයි - දූෂණය පරදන හොඳම අවිය ජනපති හෙළි කරයි




අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව වන්නේ ‘‘සුපිළිපන්නව, සුවපත් වෙමු’’ යන්නයි. 

අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ පණිවුඩයක දැක්වෙන්නේ දූෂණය, සංවර්ධනයට ඇති විශාලතම බාධකය බවයි. සමාජයීය හෝ ආර්ථික හෝ කවර ක්ෂේත‍්‍රයක වුව ද සිදු වන දූෂණය, එක් එක් ආයතන ඒවායේ උපරිම ශක්‍යතාව සාක්ෂාත් කරගැනීම වළක්වාලමින් රටේ වර්ධනයට බාධා පමුණුවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා. 

එමගින් අත්වන අවසාන ප‍්‍රතිඵලය වන්නේ රටේ වර්ධනය අදාළ වීමයි. අධීක්ෂණ යාන්ත‍්‍රණය දුබල වීමෙන්, අයුතු ප‍්‍රයෝජන ගැනීමට  ඉඩලැබීම වඩාත් ප‍්‍රකටව පෙන්නුම් කරන බව ද ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

වඩාත් හොඳින් දූෂණය සමග සටන් වැදීමට රටකට හැකි වනුයේ, ඉහත කී සාපරාධී චර්යාවට එරෙහිවීමට රටවැසියාට වුවමනාවක් සහ නැඹුරුවක් ඇති විටයි. රටවැසියා දූෂණය නොඉවසීම, එය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය බව ද අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

නාස්තිය සහ දූෂණය පිටුදැකීම සිය ආණ්ඩුවේ ප‍්‍රධාන වගකීමක් කොට සලකන බව ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.