Sunday, May 5, 2024

General line - 0115112241

ධනුෂ්ක ගුණතිලක ගැන අෆ්රිඩි තැබූ සටහන 




මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසි ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එම කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ ශහිඕ අෆ්රිඩි ට්විටර් සටහනක් තබමින් සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ, සිය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකගේ පිතිකරණ දක්ෂතා ද ඇගයීමට ලක් කරමින්. 

ශහිඕ අෆ්රිඩි තරගාවලිය අතරතුර යළි පාකිස්තානය බලා පිටව ගියේ පෞද්ගලික හේතුවක් මුල්කර ගනිමින්. ශහීඕ අෆ්රිඩි සිය ට්විටර් සටහනින් දක්වා ඇත්තේ ධනුෂ්ක ගුණතිලක ශ‍්‍රී ලංකාවේ මීළග කුමාර් සංගක්කාර විය හැකි බවයි.

ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වන ධනුෂ්ක ගුණතිලක මුලික වටයේ පැවති තරග 8දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 462ක්. මෙම තරගාවලියේ ඔහුගේ ඉනිමක සාමාන්‍ය 77ක ඉහළ අගයක් ගෙන තිබෙනවා. ධනුෂ්ක ගුණතිලක මූලික වටයේ පැවති තරග 8න් තරග හතරකදී අර්ධ ශතක වාර්තා කිරීමද කැපීපෙනුනා. 

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තීරණාත්මක තරගයෙන් කඩුලූ 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. එම තරගයේදී ධනුෂ්ක ගුණතිලක ශතක ආසන්නයට පැමිණෙමින් පන්දු 66කදී නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 94 ක්.

මේ අතර ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ මූලික වටයේ පැවැත්වෙන අවසන් තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. ඒ, ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් සහ දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම් අතරයි. එම තරගය අද රාති‍්‍ර 8ට ආරම්භ වනවා.