Sunday, May 5, 2024

General line - 0115112241

කොළඹ පිළෙන්, අවසන් මොහොතේ LPL පෙරළියක්




ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ මූලික වටය, ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගනිමින් අවසන් කිරීමට ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් කණ්ඩායම ඊයේ රාති‍්‍රයේ සමත් වුණා. ඒ, ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටින දසුන් ශානක නායකත්වය දරන, දඹුල්ල වයිකින්ග් කණ්ඩායමට එරෙහිව අනපේක්ෂිත ජයක් වාර්තා කරමින්. 

හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්ෂ කි‍්‍රඩාංගණයේ පැවැති මෙම තරගයේදී, කලම්බෝ කිංග්ස් කණ්ඩායම සිය ප‍්‍රබල තුන් ඉරියව් කී‍්‍රඩකයින් දෙපළක් වන අන්ද්‍රේ රසල් සහ ඉසුරු උදාන විවේක ගන්වා තරග වැදීම විශේෂත්වයක්. 

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල වයිකින්ග් කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලූ 3ක් දැවී ලකුණු 203ක් රැස් කළා. ඇන්ජලෝ පෙරේරා පන්දු 51කදි නොදැවී ලකුණු 74 යි. ලකුණු 204 ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ පළමු කඩුලූ 4 ලකුණු 128ක් තිබියදී බිද වැටුණා. අනතුරුව පිටියේ එක් වූ අෂාන් පි‍්‍රයන්ජන් සහ කායිස් අහමඞ් පන්දු 37 කදී ලකුණු 77 ක නොබිඳුනු සබදතාවක් ගොඩනගමින් කලම්බෝ කිංග්ස් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැුගෙන ගියා. 

අවසන් පන්දු 24 දී කලම්බෝ කිංග්ස් කණ්ඩායම ජයග‍්‍රහණය සදහා ලකුණු 46ක් ලබා ගත යුතුව තිබුණා. 19 වැනි පන්දුවාරයේදී කි‍්‍රයාත්මක වූ කායිස් අහමඞ්, අන්වර් අලි යැවූ පන්දුවාරයේදී හයේ පහර 04 ක් එල්ල කරමින්, සිය කණ්ඩායම අනපේක්ෂිත ජයග‍්‍රහණයක් කරා රැගෙන ගියා. කායිස් අහමඞ් නොදැවී ලකුණු 50ක් රැස් කළේ පන්දු 22කදීයි. ඔහුගේ මෙම විශිෂ්ඨ ඉනිමට හයේ පහර 05 ක් සහ හතරේ පහර 02 ක් ඇතුළත් වුණා. අෂාන් පි‍්‍රයන්ජන් පන්දු 28 කදී නොදැවී ලකුණු 48 යි. 

පෙර තරගයේ දී ශතකයක් වාර්තා කළ ලොරී එවන්ස්, මෙම තරගයේදී පන්දු 24 කදී වේගවත් ලකුණු 53 ක් ලබා සිටියදී, ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. නායක ඇන්ජෙලෝ මැතිව්ස් ද පාදයේ ආබාධයක් හේතුවෙන් මෙම තරගයේ දී පන්දුවට පහරදීම සදහා පිටියට පිවිසියේ නැහැ.

ඒ අනුව මෙම ජයග‍්‍රහණයත් සමග කලම්බෝ කිිංග්ස් කණ්ඩායමට ප‍්‍රසාද ලකුණු සටහනේ පළමුස්ථානය හිමි වූ අතර දඹුල්ල වයිකින්ග් කණ්ඩායම එහිි දෙවන ස්ථානයට පත් වුණා. 

ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්වලට ප‍්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් හිමි වූයේ 03 වන සහ 04 වන ස්ථානයි. තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කලම්බු කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතර හෙට පැවැත්වීමට නියමිතයි. දෙවන අවසන් පූර්ව තරගය ලබන 14 වනදා  දඹුල්ල වයිකින්ග් සහ ජැෆ්නා ස්ටැලියන්ස් යන කණ්ඩායම් අතර පැවැත්වෙනවා.