Sunday, May 5, 2024

General line - 0115112241

එල් පී එල් අවසන් වටයේ තරග පැවැත්වෙන ක‍්‍රමය වෙනස් කළ යුතු බවට මැතිව්ස්ගෙන් යෝජනාවක්




ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන ක‍්‍රමවේදය වෙනස් කළ යුතු බව කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය මෙන් ප‍්‍රසාද ලකුණු සටහනේ මුල්තැනට පත්වන කණ්ඩායම් දෙකට අවසන් වටයේදී තවත් අවස්ථාවක් ලබාදිය යුතු බවයි.

කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම අදහස් පළ කළේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග අද පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගය පිළිබද අදහස් දක්වමින්. කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයෙන් හර්ෂල් ගිබ්ස් ඉවත්වීම පිළිබදව ද මැතිව්ස් මෙහිදී අදහස් පළ කළා. ඔහු එහිදී සදහන් කළේ හර්ෂල් ගිබ්ස් පෞද්ගලික හේතුවක් මුල් කර ගනිමින් එම ධුරයෙන් ඉවත්වී ඇති බවයි.

ලන්කා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී අද රාකි‍්‍රයේ පැවැත්වෙනවා. 

ඒ, ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරන කලම්බෝ කිංග්ස් සහ ප‍්‍රසාද ලකුණු සටහනේ සිව්වන තැන හිමි වූ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරයි. එම තරගය අද රාතී‍්‍ර 7 ට ආරම්භ වනවා.