Sunday, May 5, 2024

General line - 0115112241

සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලේදී "නෙත් ස්පොර්ට්ස්මන්" විශේෂ ඇගයීමකට ලක් වෙයි 




සබුද්ධි ක‍්‍රී‍්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙළේදී නෙත් එෆ් රේඩියෝවේ නෙත් ස්පෝර්ට්ස්මන් යළි ඇගයීමට ලක් වුණා. සම්මාන උළෙළ කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත්දා පැවැත්වුණේ කී‍්‍රඩා අමාත්‍යංශයේ ඩන්කන් වයිට් ශ‍්‍රවණාගාරයේදීයි. මීට පෙර ජනාධිපති සම්මානයෙන්ද පිදුම් ලැබූ නෙත් ස්පෝර්ට්ස්මන් නෙත් නිවුස් හරහා මෙන්ම නෙත් ස්පෝර්ට්ස්මන් නිල ෆේස්බුක් පිටුව හරහා නිරතුරුවම කී‍්‍රඩා තොරතුරු සහ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළා.

සබුද්ධි ක‍්‍රීඩා සාහිත්‍ය සම්මාන උළෙලක් මෙරට පැවැත්වූ ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර 2019 වසරට අදාළව සබුද්ධි සාහිත්‍ය කවය විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලේදී ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන සබුද්ධි රන් සම්මානය සඳහා ප‍්‍රවීණ කි‍්‍රකට් විස්තර විචාරකයින් දෙදෙනකු වන පාලිත පෙරේරා සහ පේ‍්‍රමසර ඈපාසිංහ වෙත පිරිනැමුණා.

 මෙම සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ඨ මළල ක‍්‍රීඩිකාවක වන සුසන්තිකා ජයසිංහ රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඇයට එම සම්මානය පිරිනැමුණේ 2000 වසරේ පැවැති සීඩ්නි ඔලිම්පික් උළෙලේදී මීටර් 200 ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීම වෙනුවෙන්.