Monday, April 29, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදනය වී පිළිකා රෝගයෙන් පෙළුණු 15 හැවිරිදි දරුවෙකු මියයයි 




අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 183ක් දක්වා ඉහළ ගොස් ඇත. අපේක්ෂා 

අද දිනයේදී වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ අතර මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගය සඳහා ප්‍රතිකාර ගනිමින් සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලට ප්‍රතිකාර සඳහා මාරු කොට යැවු 15 හැවිරිදි දරුවෙකු ද සිටින බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියේ.

දංකොටුව ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම දරුවා ලියුකේමියා රෝගී තත්ත්වය සමග කොවිඩ් වෛරසය ආසාදනය සමග ඇතිවූ උග්‍ර නියුමෝනියා තත්ත්වය, ලේ විෂ වීම හේතුවෙන් ජිවිතක්ෂයට පත්ව ඇත.

මේ අතර කොළඹ 07 ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි කාන්තාවක් නිවසේදී මියගොස් ඇති අතර ඇය ද කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනා ගෙන ඇත.

මේ අතර අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 427ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැලක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 38,058ක් දක්වා ඉහළ ගොස් ඇත. 

මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 8,577ක් වන අතර දැනට සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 29,300ක්. 

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය ආශ්‍රිතව ව්‍යාප්තිය ආරම්භ වූ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව  34,381ක් දක්වා ඉහළ ගොස් ඇත.