Monday, April 29, 2024

General line - 0115112241

පොලීසිය සිවිල් ඇඳුමෙන් සැරසී විශේෂ වැඩකට බසියි




හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල නිරෝධායන රීති කඩකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද සිට විශේෂ වැඩපිළවෙලක් කි‍්‍රයාත්මක බව පොලිසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඒ සදහා සිවිල් ඇදුමෙන් සැරසුනු පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි.

මේ අතර උත්සව සමය තුළ නිරෝධායන ඇඳිරිනීතිය ක‍්‍රියාත්මක කිරීමට මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලූ‍තිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඊයේ ප‍්‍රකාශ කළා.