Tuesday, April 30, 2024

General line - 0115112241

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු නිළධාරීන්ගේ අනිසි බලයත් කප්පාදු කෙරේ




මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ට අසීමිත බලයක් ලබාදී ඇතැයි නෙත් නිවුස් ඊයේ උදෑසන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් සිදුකළ අනාවරණය පිළිබද රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගමගේ අවධානය යොමුවී තිබෙනවා. 

සමස්ත ලංකා රියදුරු පාසල් හිමියන්ගේ ජාතික සංගමයේ ලේකම් එම් ඞී සෝමසිරි නෙත් නිවුස් වෙත කියාසිටියේ එම අසීමිත බලය හරහා ඇතැම් නිලධාරීන් අල්ලස් ලබා ගන්නා බවයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම නෙත් නිවුස් වෙත කියාසිටියේ එවැනි නිලධාරීන්ගේ බලතල ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

මේ අතර අල්ලස් ලබාගැනීම ඇතුළු විවිධ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් ජනතාවගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 600 කට ආසන්න සංඛ්‍යාවක් ලබන ජනවාරි මස 01 වනදා සිට ස්ථාන මාරුකිරීමටයි මිට පෙර තීරණය කළේ.