Tuesday, April 30, 2024

General line - 0115112241

ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ තරග පාවා දීමක් මෙතෙක් වාර්තා නෑ




ලබන වසරේ පැවැත්වෙන ලංකා ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තරග පැවැත්වෙන ක‍්‍රමවේදයේ වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කරන බව තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික‍්‍රමරත්න පවසනවා. 

මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියට එක් වූ ඇන්ජලේ මැතිව්ස් ඇතුලූ‍ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් රැුසක් අවසන් වටයේ තරග පැවැත්වෙන ක‍්‍රමවේදය වෙනස් කළ යුතු බවට ඉකුත්දා යෝජනාවක්ද සිදු කර තිබුණා. මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ලංකා ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂ රවීන් වික‍්‍රමරත්න පැවසුවේ මේ පිළිබඳ තරග සංවිධායකයින් සමග සාකච්ඡා කර අවසන් තීරණයක් ගන්නා බවයි. 

මීලග තරගවාරයේදී තවත් කණ්ඩායමක් තරගාවලියට එක් කරන බවද ඔහු සදහන් කළා.

මෙවර ලංකා ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ කිසිදු අක‍්‍රමිකතාවක් හෝ තරග පාවාදීමේ සිදුවීමක් ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයට මෙන්ම ක‍්‍රීඩා අමාත්‍යංශයේ දූෂණ මර්දන කමිටු නිලධාරීන්ට මෙතෙක් වාර්තා වී නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ලංකා ප‍්‍රීමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන අදියර ලබන වසරේ ජූලි සහ අගෝස්තු මාසවලදී පැවැත්වීමටයි දැනට සැලසුම් කර ඇත්තේ.