Tuesday, April 30, 2024

General line - 0115112241

නව කොරෝනා ප්‍රභේදයට නව එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් සුදානම් වේ




කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයක් බි‍්‍රතාන්‍යයෙන් හඳුනා ගැනීමත් සමග එයට එරෙහිව කි‍්‍රයාකළ හැකි නව එන්නතක් සම්බන්ධයෙන් ද ඖෂධ සමාගම්වල අවධානය යොමුව තිබෙනවා. 

ඒ අනුව කොරෝනා වෛරසයට එරෙහිව එන්නත් නිෂ්පාදනය කළ ෆයිසර් සහ මොඬේනා යන සමාගම්, මේවනවිටත් ඊට මුල් පියවර තබා ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. 

එම සමාගම් විසින් මේවනවිටත් නිපදවා ඇති කොරෝනා පාලන එන්නතෙන් නව ප‍්‍රභේදය සඳහා ද කි‍්‍රයාකළ හැකි ප‍්‍රතිශක්තිය ඇතැයි අපේක්ෂා කෙරෙනවා. එය තහවුරු කිරීම සඳහා ඉදිරි සතිවලදී තවත් පරීක්ෂණ සිදු කිරීමටයි එම සමාගම් අපේක්ෂාවෙන් සිටින්නේ.

මේ අතර කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදය පැතිර යාමත් සමග බි‍්‍රතාන්‍යය වැසියන් වෙනුවෙන් පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන ලෙස යුරෝපා කොමිසම, යුරෝපා සංගමයේ සාමාජික රටවලින් ඉල්ලීමක් කර තිබෙනවා. එහෙත්, ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමේ අයිතිය අදාළ රටවල් සතුවන බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

කෙසේවෙතත්, කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ ව්‍යාප්තියත් සමග රටවල් 40 කට අධික සංඛ්‍යාවක් මේවනවිටත් බි‍්‍රතාන්‍යයෙන් පැමිණෙන වැසියන්ට සිය රටවල ඇතුළුවීමට අවසර ලබා දෙන්නේ නැහැ. 

මේ අතර නව කොරෝනා වෛරසයේ තවත් ප‍්‍රභේදයක් දකුණු අපි‍්‍රකාවෙන් ද සොයා ගෙන තිබෙනවා. ඒ අනුව ජර්මනිය ඇතුළු රටවල් කිහිපක්ම මේවනවිටත් දකුණු අපි‍්‍රකාවේ සිට පැමිණෙන වැසියන්ට සිට රටට ඇතුළුවීම තහනම් කර අවසන්.