Monday, April 29, 2024

General line - 0115112241

අටලුගමින් ඊයේ කොවිඩ් ආසාදිතයින් 162ක් : ඊයේ වැඩිම ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන්




ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 428 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වන 193 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එලෙස කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයින් ගෙන් 162 දෙනෙකු අටලුගම ගම්මානයෙන් වාර්තා වී ඇත. ඊයේ දිනය වන විට කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,876ක්.

මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 101ක් දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් 35 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයෙන් වාර්තා වී ඇත. කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 16,311ක්.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 42 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ඉන් 12 දෙනෙකු මුතූර් පොලිසියේ නිලධාරීන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ වන විට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 105ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් දෙවන රැල්ලේ ව්‍යාප්තිය ආරම්භ වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී වාර්තා වී ඇත්තේ ආසාදිතයින් තිදෙනෙකු පමණයි.

මිට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 11 දෙනෙකු, මහනුවරින් එක් ආසාදිතයෙක්, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 02ක්, අම්පාර 05ක්, ගාල්ල 11ක්, කුරුණෑගල 07ක්, රත්නපුර 23ක්, මුලතිව් 03ක්, පුත්තලම 02ක්, මාතර 11ක්, යාපනය 01ක්, හම්බන්තොට 04ක්, නුවරඑළිය 15ක්, අනුරාධපුර 01ක්, කිලිනොච්චි 02ක් සහ විදේශ ගතව සිට මෙරටට පැමිණි එක් අයෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.