Tuesday, April 30, 2024

General line - 0115112241

ඇන්ටාක්ටිකාවටත් පළමුවරට කොරෝනා පැතිරෙයි




මෙතෙක් කිසිඳු කොරෝනා වෛරසය ආසාදිතයෙකු වාර්තා නොවූ ඇන්ටාක්ටිකා මහද්වීපයෙන් පළමුවරට ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබෙනවා.. ඒ අනුව ඇන්ටාක්ටිකාවෙන් ඊයේ කොරෝනා ආසාදිතයින් 36 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් සියලූදෙනා චිලී ජාතිකයින් වනවා. එම සියලූදෙනා ඇන්ටාක්ටිකාවේ පර්යේෂණ කඳවුරක සිටි පුද්ගලයින් වන අතර ඔවුන්ගෙන් 26 දෙනෙකුම චිලී රාජ්‍යයේ හමුදා සාමාජිකයින්.

අනෙක් ආසාදිතයින් 10 දෙනා නඩත්තු සේවකයින් වනවා. අදාළ ආසාදිතයින් පිරිස් නිරෝධායනය සඳහා චිලී රාජ්‍යයට පිටත් කර ඇති අතර ඇන්ටාක්ටිකාවේ කි‍්‍රයාත්මක සියලූ පර්යේෂණ ව්‍යාපෘති අත්හිටුවා තිබෙනවා. 

මේ අතර කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයක් ව්‍යාප්තවීමත් සමග බි‍්‍රතාන්‍යයේ සිට පැමිණෙන පුද්ගලයින්ට පනවා ඇති සංචාරක තහනම ලිහිල් කරන ලෙස යුරෝපා කොමිසම කළ ඉල්ලීමට, ප‍්‍රංශය සාර්ථක ප‍්‍රතිචාරයක් ලබාදී තිබෙනවා. ඒ අනුව කොන්දේසි සහිතව බි‍්‍රතාන්‍ය සඳහා ප‍්‍රංශය සිය ගුවන්, දුම්රිය හා මුහුදු මාර්ග යළි විවෘත කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

එහෙත්, එම මාර්ග ඔස්සේ ප‍්‍රංශයට ඇතුළුවිය හැක්කේ තෝරා ගත් පිරිසකට පමණක් වීම විශේෂත්වයක්. ඒ අනුව දේශ සීමාවන්හි සිට පැමිණෙන භාණ්ඩ ප‍්‍රවාහන ලොරිරථ ඇතුළු අනෙකුත් රථවාහනවල රියදුරන් බි‍්‍රතාන්‍යයේ සිට පැමිණෙන විට ඡුක්‍ඍ පරීක්ෂණයකට මුහුණදීම අනිවාර්යය වනවා. 

එම පරීක්ෂණයේදී එම රියදුරන් හට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුවහොත් පමණක් ඔවුන්ට දේශසීමා හරහා ප‍්‍රංශයට ඇතුළුවිය හැකියි. ඊට අමතරට බි‍්‍රතාන්‍යයේ සිට පැමිණෙන ප‍්‍රංශ පුරවැසියන්ට හා ප‍්‍රංශයේ නිවාස හිමි බි‍්‍රතාන්‍ය පුරවැසියන්ට ද මෙම අවස්ථාවේදී ප‍්‍රංශයට ඇතුළුවිය හැකියි.

මේ අතර බි‍්‍රතාන්‍යයන්ට පැනවූ සංචාරක තහනම ලිහිල් කිරීම සම්බන්ධයෙන්  නෙදර්ලන්තය ද අවදානය යොමු කර ඇතැයි සඳහන්. කෙසේවෙතත්, නෙදර්ලන්තය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු නිල ප‍්‍රකාශයක් සිදුකර නැහැ.