Tuesday, April 30, 2024

General line - 0115112241

මුදලට බිළිඳුන් විකිණූ මහා පරිමාණ ජාවාරම්කරුට ඇප




මොරටුව ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක වූ ගැබිණි මව්වරුන් ගිවිසුමකට යටත් කර ඔවුන්ගේ දරුවන් මුදලට අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ දරුවන් විකිණීමට අදාළ ලිපිගොනු 30 ක් මේ දක්වා පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි. මෙලෙස දරුවන් විකිණීමට අදාළ තවත් ලිපිගොනු තිබිය හැකි බවටයි පොලීසිය විශ්වාසය පළ කළේ. 

අන්තර්ජාලය හරහා වෙළෙඳ දැන්වීමක් ලෙස සකස් කළ වීඩියෝවක් මගින් සැකකරු විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තේ මොරටුව ප‍්‍රදේශයේ ස්ථාන 02 කදීයි. විවිධ අතවරයන්ට පත්ව කිසිඳු පිලිසරණක් නොමැති කාන්තාවන් සැකකරු විසින් අදාළ ස්ථානයට ගෙන්වා ගිවිසුමකට යටත්ව දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් 03 වන පාර්ශවයකට අලෙවි කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. 

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු රුපියල් ලක්ෂ 02 ක ශරීර ඇප 02 ක් මත හා ඇප කොන්දේසිවලට යටත්ව මුදාහැර ඇති අතර සිද්ධියට අදාළ නඩුව ජනවාරි මස 04 වනදා යළි කැඳවීමට නියමිතයි.