Saturday, May 18, 2024

General line - 0115112241

2030 වන විට ලෝක ආර්ථිකය උඩුයටිකුරු වෙයි




වර්ෂ 2030 වන විට ලෝක ආර්ථික බලය දැවැන්ත වෙනසකට ලක්වන බව බ්‍රිතාන්‍යයේ පිහිටි ද සෙන්ටර් ෆෝ ඉකොනොමික් ඇන්ඩ් බිස්නස් රිසර්ච් පර්යේෂණ ආයතනය අනාවැකි පළකර තිබේ.

ඒ අනුව 2030 වර්ෂය වන විට දැනට ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය දෙවන තැනට පත්වී දැනට දෙවන ස්ථානයේ පසුවන චීනය ලොව පළමු ආර්ථික බලවතා බවට පත්වනු ඇතැයි සදහන් වේ.

එම වර්ෂය වන විට ලෝකයේ තෙවන ආර්ථික බලවතා බවට පත්වනු ඇත්තේ ඉන්දියාවයි. 

2019 වර්ෂයේ ලොව පස්වන ආර්ථික බලවතා වූ ඉන්දියාව 2020 වර්ෂයේදී  හයවන ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයට යළි පස්වන ස්ථානය හිමිකර දෙමිනි.

කෙසේවෙතත්, වර්ෂ 2025 දී පස්වැන්නා වන බ්‍රිතාන්‍යයත්, 2027 දී සිවිවැවන්නා වන ජර්මනියත්, 2030 දී තුන්වැන්නා වන චීනයත් අභිබවා යමින් ඉන්දියාව ලොව තුන්වන ආර්ථික බලවතා බවට පත්වීමට නියමිතයි.

ඒ අනුව 2030 වර්ෂය වන විට ආසියාවේ රටවල් තුනක්, එනම් චීනය, ඉන්දියාව සහ ජපානය පිලිවෙළින් ලොව පළමු, තුන්වන සහ   සිවිවන ආර්ථික බලවතුන් බවට පත්වනු ඇත.