Tuesday, December 17, 2024

General line - 0115112241

ආදිවාසීන් වෙනුවෙන්  ඕස්ටේ‍්‍රලියාව ජාතික ගීය වෙනස් කරයි




අද සිට කි‍්‍රයාත්මක වන පරිදි  ඕස්ටේ‍්‍රලියානු ජාතික ගීය සංශෝධනය කර තිබෙනවා. ආදිවාසීන්ගේ සංස්කෘතික උරුමය ද නියෝජනය වන පරිදි ජාතික ගීය ගායනා කළ යුතු වන බැවින් එම පියවර ගත් බවයි එරට අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ප‍්‍රකාශ කර ඇත්තේ. ඒ අනුව මෙතෙක් ජාතික ගීයේ පැවති ”යන්ග් ඇන්ඞ් ෆ‍්‍රී” පද පේලිය ”වන් ඇන්ඞ් ෆ‍්‍රී” ලෙස වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. 

මෙතෙක් පැවති ”යන්ග් ඇන්ඞ් ෆ‍්‍රී” යන පද පේලියෙන් ”තරුණ සහ නිදහස්” යන අර්ථය පමණක් පිළිබිඹු වන බැවින් එයින්  ඕස්ටේ‍්‍රලියාවේ නූතන පදිංචිකරුවන් පමණක් නියෝජනය වන බවටයි මත 
පළ වී තිබුණේ. එබැවින් එකමුතුබව නියෝජනය වන පරිදි එම පද පේලිය ”වන් ඇන්ඞ් ෆ‍්‍රී” යනුවෙන් වෙනස් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.