Friday, May 10, 2024

General line - 0115112241

මෙරටට එන සංචාරකයින් නිසි සෞඛ්‍ය තක්සේරුවකට ලක් කිරීම වැදගත් - GMOA කියයි 




නිසි සෞඛ්‍ය තක්සේරුවකින් පසු විදේශීය සංචාරකයින් මෙරටට ඇතුල්කර ගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි මධ්‍යම  කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ ඔවුන්ගේ පී සී ආර් පරීක්ෂණ සම්බන්ධයෙන් මෙරට බලධාරීන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

පාර්ශව කිහිපයක් එක්ව හදුන්වාදුන් මාර්ගෝපදේශයට අනුව සංචාරකයින් මෙරටට ගෙන්වා ගතයුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම  කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ කියා සිටියේ.

සංචාරකයින් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය ඉකුත්දා ආරම්භ කෙරුණා. ඒ අනුව යුක්රේනයේ සිට සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි අතර ඔවුන්ගෙන් 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසවා.