Friday, May 10, 2024

General line - 0115112241

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකු ආබාධ වලට ලක්වෙයි 




ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය සඳහා නම් කළ දකුණු අපි‍්‍රකානු සංචිතයේ කී‍්‍රඩකයින් දෙදෙනෙකුද ආබාධවලට ලක්ව තිබෙනවා. වේග පන්දු යවන කී‍්‍රඩක ග්ලෙන්ටන් ස්ටුවර්මන් සහ මිජෙල් පි‍්‍රටෝරියස් මෙලෙස ආබාධවලට ලක්ව ඇති බවයි දකුණු අපි‍්‍රකානු කි‍්‍රකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ. 

ආබාධයට ලක් වූ මෙම කී‍්‍රඩකයින් දෙදෙනා වෙනුවට බෙයුරන් හෙන්ඩි‍්‍රක්ස් සහ කාගිසෝ රබාඩා කැදවීමටයි එරට කි‍්‍රකට් බලධාරීන් පියවර ගෙන ඇත්තේ. 

මේ අතර දකුණු අප‍්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත දෙවන හා අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේදී ප‍්‍රධාන කී‍්‍රඩකයින් පස් දෙනෙකු නොමැතිව ශී‍්‍ර ලංකා කණ්ඩායමට තරග වැදීමට සිදුවනු ඇතැයි වාර්තා වනවා. ආබාධවලට ලක්ව සිටින සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල්, කසුන් රාජිත සහ ලහිරු කුමාරට දෙවන ටෙස්ට් කිි‍්‍රකට් තරගය අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ. 

පළමු ටෙස්ට් තරගයේදී පාදයේ ආබාධයකට ලක් වූ ධනංජය ද සිල්වාට සති දෙකක් කි‍්‍රකට් පිටියෙන් ඉවත් වී විවේක ගන්නා ලෙසයි වෛද්‍යවරුන් උපදෙස් ලබාදී ඇත්තේ. මේ හේතුවෙන් ඔහුටද දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයට එක්වීමට අවස්ථාව හිමිවන්නේ නැහැ.  ශී‍්‍ර ලංකා - දකුණු අපි‍්‍රකා දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජොහැනස්බර්ග් හිදි හෙට ආරම්භ වීමට නියමිතයි.