Friday, May 10, 2024

General line - 0115112241

විදෙස් සංචාරකයින් හරහා රට තුල කොරෝනා පොකුර ඇතිවීම වැළැක්වීමට පියවර ගෙන තිබෙනවා




විදෙස් සංචාරකයන්ට රට විවෘත කිරීම හරහා කොරෝනා පොකුරු ව්‍යාප්තවීම වැළැක්වීම සදහා අවශ්‍ය කි‍්‍රයාමාර්ග දැනටමත් කි‍්‍රයාවට නංවා ඇති බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. ගම්පහ ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියාසිටියේ මෙම මාසය තුළ සංචාරකයන්ට මෙරටට පැමිණීමට අවස්ථාව සලසන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ නෙත් නිවුස් වෙත කියාසිටියේ නිසි සෞඛ්‍ය තක්සේරුවකින් පසු විදේශීය සංචාරකයින් මෙරටට ඇතුළත් කර ගත යුතු බවයි.

මේ අතර සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය ඉකුත්දා ආරම්භ කෙරුණා. ඒ අනුව ඉකුත් දිනවල යුක්රේනයේ සිට සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණි අතර එම පිරිසෙන් 6 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා.