Wednesday, May 1, 2024

General line - 0115112241

ලක්ෂ දහයකට දේශපාලන පවුලක සිරකරුවෙකුට පළා යාමට උදව් කළ ජේලර්වරයාට වැඩ වරදියි




දේශපාලඥයෙකුගේ ඥාතියෙකු වන සිරකරුවෙකුට වැලිකඩ බන්ධනාගාරයෙන් පලා යාමට උපකාර කළ බව කියන වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙකු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ සඳහා සහකාර බන්ධනාගාර අධිකාරීවරයෙකුගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමටයි දැනටමත් පියවර ගෙන ඇත්තේ.
මෙම සිරකරු, සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ ඥාතියෙක්.

ඉකුත් ආණ්ඩුව සමයේදී වැලිකඩ බන්ධනාගාරයේ ර`දවා සිටි මෙම සිරකරු වාරියපොල බන්ධනාගාරයට මාරු කර තිබුණා. එහිදී ඔහු බන්ධනාගාරයෙන් පලා ගොස් තිබූ අතර පසුව අත්අඩංගුවට ගෙන යළි බන්ධනාගාරගත කර තිබෙනවා.

සිර දඬුවම් නියම වීමට පෙර කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ රඳවා සිටි සමයේ ඔහුට වරෙක ඇප නියම වී තිබුණා. එහිදී ඔහු මිය ගිය බවට ව්‍යාජ ලේඛන සකස් කර බොරැුල්ල කනත්තේ ස්මාරකයක් ද ඉදිකර තිබුණේ අධිකරණය නොමග යැවීමේ අරමුණින්. 

පසුව ඔහුට සිර දඬුවම් නියම වීමෙන් අනතුරුව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි අවස්ථාවේ ඉකුත් දෙසැම්බර් 25 වනදා යළි පලා ගොස් තිබුණා.

පසුගිය 03 වනදා මෙම සිරකරු අත්අඩංගුවට පත් වන අතර ඔහු පාපොච්චාරණය කරමින් පවසා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙකු තමාට පලා යාමට උපකාර කල බවයි. 

ඒ සඳහා ඔහුට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දුන් බවද මෙම සිරකරු පවසා තිබෙනවා. මෙම චෝදනාව එල්ල වීමත් සමඟ අදාල ජේලර්වරයා වීරවිල බන්ධනාගාරයට මරු කර පරීක්ෂණයක් ආරම්භ කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.