Thursday, May 2, 2024

General line - 0115112241

මුව ආවරණ පැළඳ නොසිිටි 550 කගෙන් 14 දෙනෙකුට කොරෝනා




මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 550 දෙනෙකු  අතරින් 14 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට රැුපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් හඳුනාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ මුව ආවරණ පැළඳ නොසිටි පුද්ගලයින් 1,060 දෙනෙකු ඊයේ දිනය තුළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඒ අතරින් 550 දෙනෙකු රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණවලට සහ 510 දෙනෙකු පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසුවේ.

මේ අතර, කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තැපැල් කාර්යයාලය තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, එහි සේවය කරන නිලධාරියෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන්.