Thursday, May 2, 2024

General line - 0115112241

නිදහස් පක්ෂය සභාපති තවමත් තමන් බව හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කියයි




තවමත් තමන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. හිටපු අග‍්‍රාමාත්‍යවරයෙකු වූ දිවංගත එස්. ඩබ්ලිව්. ආර්. ඞී බණ්ඩාරනායක මහතාගේ 122 වන ජන්ම දින සැමරුම් උත්සවය අද ගාලූමුවදොර පිහිටි බණ්ඩාරනායක ප‍්‍රතිමාව ඉදිරිපිටදී පැවැත්වුණා. ඉන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිනිය මේ බව ප‍්‍රකාශ කළා.

අවස්ථා දෙකකදී සැමරුම් උත්සව පැවති අතර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ සුනේත‍්‍රා බණ්ඩාරනායක පැමිණ ප‍්‍රතිමාවට ප‍්‍රථමයෙන් පුෂ්පෝපහාර දැක්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

අනතුරුව හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් බණ්ඩාරනායක ප‍්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වූවා. ඉන් අනතුරුව හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙන්නේ මෙලෙසයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගමද එක් වුණා. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයාද මාධ්‍යවේදීන් හමුවේ මෙලෙස අදහස් පළ කළා.