Wednesday, May 1, 2024

General line - 0115112241

සුළු හා මධ්‍ය පරිමාණ සහල් හිමියන්ට රජයෙන් සහනයක්




සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පාර්ලිමේන්තුවේ කමිටු කාමර 02 පැවති සාකච්ජාවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවා. 

මහා පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලූවලට පෙර සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින්ගේ ගැටලූ විසදීමට පියවර ගන්නා ලෙසයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබා ඳී ඇත්තේ.

රටේ පවතින සහතික වී මිලට අනුව පෙබරවාරි 01වනදා සිට මාස 06 කට යාවත්කාලීන වන සහල් සඳහා ස්ථීර පාලන මිලක් ලබා ගැනීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම සාකච්ජාව පවත්වා තිබෙනවා. මෙහිදී සුළු හා මධ්‍ය පරිමාන වී මෝල් හිමියන්ට සහනදායී වශයෙන් ණය ගෙවා දැමීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබදව ද අවධානය යොමු වූ බව අග‍්‍රාමාත්‍ය මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.