Wednesday, May 1, 2024

General line - 0115112241

ගව වෛරස් රෝගය ගැන සොයන්න කමිටුවක් පත් කෙරේ




රටපුරා ගවයන්ට වැළදෙමින් පවතින වෛරස් රෝගය පිළිබද සොයා බැලීමට රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප‍්‍රධානත්වයෙන් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබෙනවා.

පශු සම්පත්, ගොවිපල ප‍්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශි‍්‍රත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඞී බී හේරත් එම කමිටුවට දන්වා ඇත්තේ සතියක් තුළ තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙසයි.  මෙම රෝගය ව්‍යාප්තිය, එය පාලනය කිරීම සදහා තාක්‍ෂණිකව ගත යුතු කි‍්‍රයාමාර්ග මෙන්ම නැවත මෙම රෝගය වැළදීම නතර කිරීම සදහා පළාත් මට්ටමින් කිරි ගොවියන් දැනුවත් කළයුතු ආකාරය පිළිබද කමිටුව විසින් අවධානයට ලක්කිරීමට නියමිතයි.