Wednesday, May 1, 2024

General line - 0115112241

කොවිඞ් එන්නත මෙරට ජනතාවට ලබා දෙන කාලය ගැන මැතිසබයේදී අනාවරණ




ලබන මස සිට කොවිඞ් එන්තක් මෙරටට ජනතාවට ලබාදීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛi සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා. රුසියාව, අමෙරිකාව සහ ඉන්දියාව නිපදවූ කොවිඞ් එන්නත් සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡුා ආරම්භ කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළේ.

මේ අතර කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබදවද පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදියුදීන්.

ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර අනුර කුමාර දිසානායක ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත ශරීර සම්බන්ධයෙන් විපක්‍ෂය නගන චෝදනාවලට රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මෙලෙස ප‍්‍රතිචාර දැක්වූවා.