Wednesday, May 8, 2024

General line - 0115112241

මාස 02කට පසු මිනුවන්ගොඩ ගම් 02ක් යළි ලොක් ඩවුන්




මිනුවන්ගොඩ, ගල්ඔලූව නැගෙනහිර ග‍්‍රාම නිලධාරී වසම හා ගල්ඔලූව බටහිර ග‍්‍රාම නිලධාරී වසම වහාම කි‍්‍රයාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු අද හුදෙකලා කෙරුණා.

ඒ, එම ග‍්‍රාම නිලධාරී වසම්වල පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්. කොරෝනා දෙවන රැල්ල, ආරම්භ වූයේද, මිනුවන්ගොඩ ඇගළුම් කර්මාන්තශාලාවක් කේන්ද්‍රකර ගනිමින්.

ඒ අනුව පැනවූ දැඩි සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු මෙලෙස මිනුවන්ගොඩ පොලිස් වසමේ ප‍්‍රදේශ කිහිපයක් හුදෙකලා කළ පළමු අවස්ථාව මෙයයි. 

මීට අමතරව මාතලේ, වරකාමුර, හා මීදෙණිය යන ග‍්‍රාම සේවා වසම් ද අද හුදෙකලා කෙරුණා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දෙහිපිටිය - මාත්තාව ගම්මානය ද නැවත දැනුම්දෙන තුරු අද හුදෙකලා කළා.

එමෙන්ම, මඩකලපුව, අරසඩි ග‍්‍රාම නිලධාරී වසමට ද අද දිනයේ සංචරණ සීමා පැනවීමටයි කටයුතු කෙරුණේ.  මේ අතර කළුතර පොලිස් වසමේ සහ බේරුවල පොලිස් වසමේ ප‍්‍රදේශ 11 ක් අද හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා. ඉන් ප‍්‍රදේශ 10 ක්ම ඇතුළත් වුණේ කළුතර පොලිස් වසමටයි.