Wednesday, May 8, 2024

General line - 0115112241

නැගෙනහිර ජැටියේ අර්බුදයට අළුත් විසදුමක් සොයයි




කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම කල්දමා ඇතැයි ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක පවසනවා. ඔහු කියා සිටියේ මෙම පර්යන්තය සංවර්ධනය කිරීමට අදාළව සියලූ පාර්ශවවල යෝජනා සැකිල්ලට ගැනීමෙන් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බවයි. 

කෙසේවෙතත්, වරාය වෘත්තීය සමිති පවසන්නේ මතභේදයට තුඩුදී ඇති ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් කිසිඳු ආයෝජන  ව්‍යාපෘතියකට එකග නොවන බවයි. නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීමට ආණ්ඩුව සතුව මුදල් නොමැති නම් එය සංවර්ධනය නොකර හෝ 
ශ‍්‍රී ලංකාව සතුව තබා ගැනීම පවා වාසිදායක බවයි වරාය අධිකාරියේ වාණිජ කර්මාන්ත හා සේවා ප‍්‍රගතශීලී සේවක සංගමයේ ප‍්‍රධාන ලේකම් ශ්‍යාමල් සුමනරත්න පැවසුවේ.

කෙසේවෙතත්, වරාය අධිකාරියේ සභාපති විශ‍්‍රාමික ජෙනරාල් දයා රත්නායක සඳහන් කළේ සියලූදෙනාට එකගවිය හැකි යෝජනාවක් සකස් කර ගත යුතු බවයි. 

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ඉන්දීය සමාගමක් සම්බන්ධ කර ගැනීමට තීරණය කිරීමත් සමග මේවනවිට දැඩි කතාබහක් මතුව තිබෙනවා. වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධාන ද ඒ සම්බන්ධයෙන් පළ කරන්නේ දැඩි විරෝධයක්. කෙසේවෙතත්, මෙම සමාගමට නැගෙනහිර පර්යන්තය විකිණීමක් හෝ බදුදීමක් සිදුනොකරන බවයි ආණ්ඩුව අවධාරණය කරන්නේ.